එන්නත ලබා ගත් ගම්පහ දෙන්නෙක් මියගියේ එන්නත නිසාද?

කොරෝනා මර්දන එන්නත එන්නත් කිරිමෙන් පසු දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවත් එන්නත ලබාගැනීමෙන් පසු කිසිවෙකු මියගිය බවට මෙතෙක් තහවුරු වී නොමැති බවත් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ “සාමාන්‍යයෙන් දවස් 2ක් ඇතුළත මේ උණ අඩු වෙනවා. ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා. හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මොකද ඒකට හේතුව ඩෙංගු රෝගය වෙන්න බැරිකමක් නෑ.”

එන්නත් ලබා ගැනීමකින් අනතුරුව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට පළවන වාර්තා ගැන එතුමන් මෙසේද අදහස් දැක්විය.

“මේ අයගේ මරණය සිදුවුණේ එන්නත නිසා ද කියලා අපි විමර්ශනය කරගෙන යනවා. එන්නතක් ලබාදුන්නාට පසු ඇතිවන්න පුළුවන් අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද තියෙනවා, ඒවා විමර්ශනය කරන්න. ඒ අනුව තොරතුරු ඉදිරිපත් කරන්න අපිට හැකිවේවි. එතෙක් අපිට කියන්න පුළුවන් වන්නේ එන්නත දීම නිසා සිදුවූ මරණයක් නෙමෙයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44