ඉන්දීය කනිෂ්ඨ වොලිබෝල් ශූරතා කණ්ඩායම ශ්‍රී ලංකාවට

ඉන්දීය කනිෂ්ඨ වොලිබෝල් පිරිමි ශූරතාවය දිනූ තමිල්නාඩු ප්‍රාන්තයේ වොලිබෝල් කණ්ඩායම ප්‍රධාන තරග 05 කින් සමන්විත තරගාවලියකට සහභාගී වීම සදහා අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් මෙම තරග ප්‍රධාන දිස්ත්‍රික්ක පහක පැවැත්වීමට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අප්‍රේල් මස 01 දින ගම්පහ දිස්ත්‍රික් තරගය රදාවාන පොදු ක්‍රීඩාංගණයේදීත්, 2 වනදා කළුතර දිස්ත්‍රික් තරගය හොරණ මහජන ක්‍රීඩාංගණයේදීත්, 4 වනදා යාපනය දිස්ත්‍රික් තරගය පූතූර් මහජන ක්‍රීඩාංගණයේදීත්, 05 දින වව්නියා දිස්ත්‍රික් තරගය වව්නියා නගර සභා ක්‍රීඩාංගණයේදීත්, 06 දින කුරුණෑගල දිස්ත්‍රික් තරගය දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

නිලධාරීන්, පුහුණුකරුවන් ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත මෙම වොලිබෝල් කණ්ඩායම අද දහවල් 12.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ප්‍රසන්න අධිකාරී මහතා ඇතුළු පිරිසක් ද, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංගමයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00