හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව (ඡායාරූප)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූවා.

එමෙන්ම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා.

හිටපු ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුණා.

ඔවුනට අමතරව, තානාපති නිලධාරීන්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රමුඛ මහලේකම් මඩුල්ල, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම පවුලේ ඥාතීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අද පෙරවරු 9ට පමණ ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණි අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිස විසින් දේහය බාරගැනීම සිදු කරනු ලැබුවා.

අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීමයි සිදු කෙරුණේ.

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් පසුව ශෝක ප්‍රකාශයක්ද සටහන් කළා.

ඉන් පසු නියෝජ්‍ය කථානායක, විපක්ෂ නායක, පක්ෂ නායකවරු, හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපති නිලධාරින් මෙන්ම පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය හා කාර්‍ය මණ්ඩලය ද අනෙක් අමුත්තන් ද සිය අවසන් ගෞරව පුද කිරීමට එක්ව සිටියා.

අවමංගල්‍ය කටයුතු අවසන් වූයේ කථානායකවරයා ඇතුළු පිරිස ප්‍රමුඛත්වයෙන් රතු පලස මතින් දේහය අවමංගල්‍ය රථයෙහි යළිත් තැන්පත් කිරීමෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16