ඉන්ධන මිල අඩු වුණත් බේකරි නිෂ්පාදන මිල වෙනසක් නැහැ

ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර ඉන්ධන මිල වැඩි වූ අවස්ථා වලදී සහ අඩු වු අවස්ථාවලදී බේකරි නිෂ්පාදනවල මිල වැඩි හෝ අඩු නොකළ බවයි.

එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැතිව බේකරිවලට ලැබෙන්නේ නම් එම සහනය ජනතාවට ලබාදීම සඳහා පාන්, කේක් ,ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.

බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තරම් මෙවර ඉන්ධන මිල සංශෝධනය වී නොමැති අතර බේකරි කර්මාන්තයේ දී ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ගෑස් සහ දර උපයෝගී කර ගන්නා බවයි ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිනකට බේකරිවලට පමණක් බිත්තර ලක්ෂ හතළිහක් පමණ සහ ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බව ද කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56