spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල අඩු වුණත් බේකරි නිෂ්පාදන මිල වෙනසක් නැහැ

ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර ඉන්ධන මිල වැඩි වූ අවස්ථා වලදී සහ අඩු වු අවස්ථාවලදී බේකරි නිෂ්පාදනවල මිල වැඩි හෝ අඩු නොකළ බවයි.

එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැතිව බේකරිවලට ලැබෙන්නේ නම් එම සහනය ජනතාවට ලබාදීම සඳහා පාන්, කේක් ,ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.

බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තරම් මෙවර ඉන්ධන මිල සංශෝධනය වී නොමැති අතර බේකරි කර්මාන්තයේ දී ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ගෑස් සහ දර උපයෝගී කර ගන්නා බවයි ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිනකට බේකරිවලට පමණක් බිත්තර ලක්ෂ හතළිහක් පමණ සහ ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බව ද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?