ත්‍රී රෝද රථ ගාස්තු පහළට (වීඩියෝ)

ඉන්ධන මිල පහළ දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බවයි.

එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි සුදිල් ජයරුක් මහතා සඳහන් කළේ.

මේ අතර අධිවේගී මාර්ගවල ධාවනය වන බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් පහත දැමීමට පියවර ගන්නා බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගී සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවල ගාස්තු සංශෝධනය කෙරෙනු ඇති.

කාර්යාල ප්‍රවාහන සේවාවන්වල ගාස්තු ද අඩු කෙරෙන බවයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ කියාසිටියේ.

මේ අතර අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව බස් රථ ගාස්තුද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබා දී තිබෙනවා.

ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීව, මෙලෙස බස් ගාස්තු සංශෝධනය කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත හෙලන අතර හෙට 30 සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තු වල සිදුකෙරෙන අඩු කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂම විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

https://www.youtube.com/watch?v=IPfxr42t7d4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13