ත්‍රී රෝද රථ ගාස්තු පහළට (වීඩියෝ)

ඉන්ධන මිල පහළ දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බවයි.

එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි සුදිල් ජයරුක් මහතා සඳහන් කළේ.

මේ අතර අධිවේගී මාර්ගවල ධාවනය වන බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් පහත දැමීමට පියවර ගන්නා බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගී සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවල ගාස්තු සංශෝධනය කෙරෙනු ඇති.

කාර්යාල ප්‍රවාහන සේවාවන්වල ගාස්තු ද අඩු කෙරෙන බවයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ කියාසිටියේ.

මේ අතර අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව බස් රථ ගාස්තුද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබා දී තිබෙනවා.

ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීව, මෙලෙස බස් ගාස්තු සංශෝධනය කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත හෙලන අතර හෙට 30 සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තු වල සිදුකෙරෙන අඩු කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂම විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

https://www.youtube.com/watch?v=IPfxr42t7d4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?