ඇඹිලිපිටිය උණුසුම්.. දේහය රැගෙන රෝහල වටලති..

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මිය ගිය බව පවසමින් අද සවස එම තරුණයාගේ දේහය ඇඹිලිපිටිය රෝහල වෙත විරෝධය පෑම සදහා ගෙන යෑමේදී පොලීය හා එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇතිවිය. ඔවුන් පවසන්නේ ඇඹිලිපිටිය රෝහලේදී මෙසේ මියගිය බවයි.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය ඉදිරිපිට පදිංචි එ.ඒ.ඒ රසික චතුරංග (29) හැවිරිදි තරුණයෙකු. පවුලේ ඥාතීන් පවසන්නේ පසුගිය 23 දින පපුවේ වේදනාවක් ඇතිවී මෙම තරුණයා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කල බවත්  වෛද්‍ය වරුන්ගෙන් මෙම තරුණයාට නිසි ප්‍රතිකාර නොලැබුනු බවත් පවසමින් මියගිය අයගේ  සහෝදරයා විසින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ සමන්තා රාමචන්ද්‍ර මහත්මිය වෙත ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. මෙම රෝගීයා පපුවේ අමාරුව හැදී රෝහලට ගෙන ගියක් එහි සිටි වෛද්‍ය වරියක  රෝගියකුයට කතා නොකල යුතු ආකාරයෙන් කතා කර ඇති බව ඥාතීන් පවසයි. කෙසේ උවද මේ සම්බන්ධයෙනස් විශේෂ පරික්ෂණයක් ඔවුන් ඉල්ලා සිටි අතර මියගිය අයගේ මෘත දේහය වැඩිදුර පරික්ෂණ සදහා කරාපිට රෝහල වෙත ගෙන යන ලදී. පසුව 04 දිනයේදී  පවුලේ සුසාන භුමියේදී භූමදානය කිරීමට තිබූ දේහය මියගිය අයගේ ඥාතීන් සහ තරුණ පිරිස විසින් දේහය රැගෙන විරෝධය දැක්වීම සදහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ගමන් ගන්නා විට ඇඹිලිපිටිය පොලීසියේ ස්ථානාධිපති වරයා සහ තවත් පොලිස් නිළධාරීන් 30ක් පමණ පැමිණ දේහය රෝහල හෝ වෙනත් ස්ථානයකට රැගෙන නොයන ලෙසත් පවුලේ සුසාන භූමිය වෙත ගෙන යන ලෙසද දැන්වීය. ඔවුන් විවිධ සටන් පාඨ ප්‍රදර්ශණය කරමින් බැනර් පොවරුද අතින් ගෙන එම ස්ථානයේදී විරෝධ දැක්වීය.එහිදී තමන්ට වෛද්‍ය වරුන්ගෙන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පොලීසියට කරුණු කියට විය. පසුව පොලීසියේ උපදෙස් මත දේහය නැව පවුලේ සුසානභූමිය වෙත ගොස් භූමදානය කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?