අභිරහස් ලෙස මියගිය නිරිඇල්ලේ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (27) සොයා ගත්තා.

මෙම තරුණියකගේ මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) දිනයේ සිදු කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරව මේ වනවිට රත්නපුර රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඊයේ (27) උදෑසන මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සචිනි ජිනාදරී නමැති 25 හැවිරිදි තරුණියක්.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ මැය රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම තරුණිය ඊයේ උදෑසන රැකියාව සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර, අනතුරුව ඇය පිළිබඳව තොරතුරක් නොලැබීම නිසා ඒ පිළිබඳව පොලිසිය දැනුවත්කර සොයා බැලීමටයි පවුලේ ඥාතීන් කටයුතු කර ඇත්තේ.

එලෙස සිදුකළ සෝදිසි කිරීම්වල දී ඇගේ මළසිරුර ඇය පදිංචිව සිටි නිවසට මීටර් 200ක් පමණ දුරින් පිහිටි ඇළ මාර්ගයක තිබියදී මෙලෙස සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?