අභිරහස් ලෙස මියගිය නිරිඇල්ලේ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (27) සොයා ගත්තා.

මෙම තරුණියකගේ මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) දිනයේ සිදු කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරව මේ වනවිට රත්නපුර රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඊයේ (27) උදෑසන මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සචිනි ජිනාදරී නමැති 25 හැවිරිදි තරුණියක්.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ මැය රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම තරුණිය ඊයේ උදෑසන රැකියාව සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර, අනතුරුව ඇය පිළිබඳව තොරතුරක් නොලැබීම නිසා ඒ පිළිබඳව පොලිසිය දැනුවත්කර සොයා බැලීමටයි පවුලේ ඥාතීන් කටයුතු කර ඇත්තේ.

එලෙස සිදුකළ සෝදිසි කිරීම්වල දී ඇගේ මළසිරුර ඇය පදිංචිව සිටි නිවසට මීටර් 200ක් පමණ දුරින් පිහිටි ඇළ මාර්ගයක තිබියදී මෙලෙස සොයා ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16