මත්පැන් සහ දුම්වැටිවල මිල ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

මෙරට සාමාන්‍ය ජනතාවගේ වියදම් කිරීමේ හැකියාවට දරාගත නොහැකි ආකාරයෙන් මේවන විට දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ නංවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ අනෙකුත් භාණ්ඩවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි වෙනුවෙන් රජය මේවන විට උපරිම බද්දක් අය කරමින් පවතින බවයි.

එබැවින් මත්පැන් සහ දුම්වැටි අලෙවිය සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

බදු ඉහළ යාම හමුවේ අඩු ආදායම් ලාභීන්ගේ ක්‍රය ශක්තිය නොහොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වී ඇති බැවින් මත්පැන් දුම්වැටි මිලදී ගැනීමේ ප්‍රමාණය අඩු වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එම පිරිස නීත්‍යානුකූල නොවන මත්පැන්වලට යොමුවන්නේ ද යන්න සම්බන්ධයෙන් නව ගැටලුවක් ද මේ වන විට නිර්මාණය වී ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

එවැනි තත්ත්වයක් මත මත්පැන් දුම්වැටි බදු තවදුරටත් වැඩි කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේද’ී ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහුට පැහැදිළි පිළිතුරක් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

රජයේ ඉලක්කය වී ඇත්තේ මෙම වසර අවසානය වන විට තනි ඉලක්කමකට උද්ධමනය රැගෙන ඒම වන අතර විපක්ෂ නායකවරයාගේ සමීකරණයට පිළිතුරක් ඉදිරි පාර්ලිමේන්තුවට ලබාදීමට බලාපොරොත්තුවන බවයි ඔහු සඳහන් කළේ.

රජය උත්සාහ කරමින් සිටින්නේ පොදුවේ උද්ධමනය පහළ අගයකට රැගෙන ඒම වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද එකඟ වී ඇත්තේ වසර අවසානය වන විට උද්ධමනය තනි ඉලක්කමකට රැගෙන ඒම බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන ආකාරයට බදු ඉහළ නැංවුවහොත් දෙසැම්බර් මාසය පමණ වන විට විශාල වශයෙන් දුම්වැටි මත්පැන් මිල පහළ දැමීමට සිදුවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එබැවින් මේ සම්බන්ධයෙන් පිළිතුරක් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයකදී ලබාදෙන බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?