මත්පැන් සහ දුම්වැටිවල මිල ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

මෙරට සාමාන්‍ය ජනතාවගේ වියදම් කිරීමේ හැකියාවට දරාගත නොහැකි ආකාරයෙන් මේවන විට දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ නංවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ අනෙකුත් භාණ්ඩවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි වෙනුවෙන් රජය මේවන විට උපරිම බද්දක් අය කරමින් පවතින බවයි.

එබැවින් මත්පැන් සහ දුම්වැටි අලෙවිය සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

බදු ඉහළ යාම හමුවේ අඩු ආදායම් ලාභීන්ගේ ක්‍රය ශක්තිය නොහොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වී ඇති බැවින් මත්පැන් දුම්වැටි මිලදී ගැනීමේ ප්‍රමාණය අඩු වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එම පිරිස නීත්‍යානුකූල නොවන මත්පැන්වලට යොමුවන්නේ ද යන්න සම්බන්ධයෙන් නව ගැටලුවක් ද මේ වන විට නිර්මාණය වී ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

එවැනි තත්ත්වයක් මත මත්පැන් දුම්වැටි බදු තවදුරටත් වැඩි කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේද’ී ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහුට පැහැදිළි පිළිතුරක් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

රජයේ ඉලක්කය වී ඇත්තේ මෙම වසර අවසානය වන විට තනි ඉලක්කමකට උද්ධමනය රැගෙන ඒම වන අතර විපක්ෂ නායකවරයාගේ සමීකරණයට පිළිතුරක් ඉදිරි පාර්ලිමේන්තුවට ලබාදීමට බලාපොරොත්තුවන බවයි ඔහු සඳහන් කළේ.

රජය උත්සාහ කරමින් සිටින්නේ පොදුවේ උද්ධමනය පහළ අගයකට රැගෙන ඒම වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද එකඟ වී ඇත්තේ වසර අවසානය වන විට උද්ධමනය තනි ඉලක්කමකට රැගෙන ඒම බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන ආකාරයට බදු ඉහළ නැංවුවහොත් දෙසැම්බර් මාසය පමණ වන විට විශාල වශයෙන් දුම්වැටි මත්පැන් මිල පහළ දැමීමට සිදුවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එබැවින් මේ සම්බන්ධයෙන් පිළිතුරක් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයකදී ලබාදෙන බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12