අත් කපා රැගෙන ගිය පුද්ගලයාට රැඳවුම් නියෝග

මොරටුව දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ දෙඅත් කපා රැගෙන ගිය පුද්ගලයා පැය 48 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශයට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එලෙස රඳවා ගැනීමේ නියෝග ලබා දුන්නේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුරු පියංකර පීරිස් නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකුටයි.

පසුගිය 21 වනදා රාත්‍රී සැකකරු මොරටුව දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයකු පසුපස හඹා ගොස් කඩුවකින් පහර දී දෙඅත් වෙන් ලෙස මැනික් කටුව අසලින් කපා රැගෙන ගොස් අතුරුදන්ව සිටියා.

අද දින සැකකරු නීතිඥවරයෙකු සමග පැමිණ අධිකරණයට භාර වීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබා දෙනු ලැබුවේ.

සැකකරු නීතීඥවරයෙකු අතින් අල්ලාගෙන අල්ලා ගෙන අධිකරණයට භාර කිරීම සඳහා රැගෙන ගිය බව මොරටුව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී තිබුණේ 40 හැවිරිදි විදුලි කාර්මික අංශයේ රැකියා කරන පුද්ගලයෙකුටයි.

කඩුවක් රැගෙන යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරු දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයෙකු පසුපස හඹා යමින් කඩුවෙන් පහර දීම හේතුවෙන් මැණික් කටුව අසලින් අත් දෙක වෙන් වී තිබුණා.

වෙන් වූ අතේ කොටස් ඇඳ සිටි කමිසයේ දමාගෙන සැකකරු පළා ගොස් තිබූ බවටයි අනාවරණ වුයේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසියේ කණ්ඩායම් කීපයක් සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32