බස් රථයකදී පාසල් සිසුවෙකුට තවත් සිසුවෙකුගෙන් ප්‍රහාරයක්

පාසල් සිසුවෙකු බස් රථයක් තුලදී තවත් සිසුවෙකුගේ හිසට පහරදීමෙන් එම සිසුවා බරපතල තුවාල ලබා තිබෙනවා.

මනම්පිටියේ සිට දිඹුලාගල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයකදී ඊයේ (22) දහවල් මෙම පහරදීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකාර සිසුවා යකඩ වළල්ලක් වැනි දෙයකින් අනෙක් සිසුවාගේ හිසට පහරදීම සිදුකර ඇති අතර තුවාල ලැබූ ඔහු මනම්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මනම්පිටිය ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහුගේ හිසෙන් ගලන රුධිරය දැක පාසල් සිසුවියන් දෙදෙනෙකු ක්ලාන්ත වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ද මනම්පිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකාර සිසුවා අනෙක් සිසුවාට පහරදීමට යොදාගත් යකඩ මිශ්‍ර ඇලුමිනියම් වළලු දෙකක් සහ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පිහි දෙකක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇති අතර අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සිසුන් දෙදෙනා අතර පාසලේදී ඇති වූ මතබේධයක් පහරදීමට හේතුව බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධව එම විද්‍යාලයේ තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර විදුහල්පතිවරයා ද මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදී ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47