spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයකදී පාසල් සිසුවෙකුට තවත් සිසුවෙකුගෙන් ප්‍රහාරයක්

පාසල් සිසුවෙකු බස් රථයක් තුලදී තවත් සිසුවෙකුගේ හිසට පහරදීමෙන් එම සිසුවා බරපතල තුවාල ලබා තිබෙනවා.

මනම්පිටියේ සිට දිඹුලාගල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයකදී ඊයේ (22) දහවල් මෙම පහරදීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකාර සිසුවා යකඩ වළල්ලක් වැනි දෙයකින් අනෙක් සිසුවාගේ හිසට පහරදීම සිදුකර ඇති අතර තුවාල ලැබූ ඔහු මනම්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මනම්පිටිය ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහුගේ හිසෙන් ගලන රුධිරය දැක පාසල් සිසුවියන් දෙදෙනෙකු ක්ලාන්ත වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ද මනම්පිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකාර සිසුවා අනෙක් සිසුවාට පහරදීමට යොදාගත් යකඩ මිශ්‍ර ඇලුමිනියම් වළලු දෙකක් සහ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පිහි දෙකක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇති අතර අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සිසුන් දෙදෙනා අතර පාසලේදී ඇති වූ මතබේධයක් පහරදීමට හේතුව බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධව එම විද්‍යාලයේ තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර විදුහල්පතිවරයා ද මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදී ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?