ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කරයි

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණයක් විසින් නිකුත් කරනු ලැබූ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කර ඇති බව ඔහුගේ නීතිඥවරයා පවසනවා.

ෆයිසාල් ෆරීඩ් චෞද්‍රි විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ ඉස්ලාමාබාද් අධිකරණය නඩු විභාගය කල් තැබූ අතර මාර්තු 30 වන දින මීළඟ නඩු විභාගයේදී ඔහුගේ පැමිණීම සහතික කරන ලෙස හිටපු අගමැතිවරයාට උපදෙස් දී ඇති බවයි.

ඛාන් අධිකරණයේ පෙනී සිටීම නිල වශයෙන් තහවුරු කිරීමෙන් පසුව වරෙන්තු අවලංගු කරන තිබෙනවා.

හිටපු අගමැතිවරයා ගේ මෝටර් රථය සෙනසුරාදා උසාවි පරිශ්‍රයේ ගේට්ටුව වෙත ළඟා වූයේ පොලිසිය සහ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් අතරතුරදී යි.

ඉම්රාන් ඛාන් උසාවියෙන් පිටත ඔහුගේ වාහනයේ සිටි අතර, උසාවියට ඇතුළු වීමට උත්සාහ කර තිබුණා.

කෙසේ වෙතත්, පොලිසිය ඔහුට උසාවියට ඇතුළුවීම සීමා කිරීමට උත්සාහ ගත් අතර ඔහුගේ පාක්ෂිකයන්ට එරෙහිව කුරිරු බලයක් භාවිතා කළ බවටයි නීතිඥයන් ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ දහවල් ලාහෝර්හි පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට කඩා වැදීම හමුවේ ආධාරකරුවන් සමඟ ගැටුමක් ද ඇති වුණා.

එහිදී 60කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවයි පාකිස්ථාන පොලිසිය පවසන්නේ.

වැටලීම සඳහා බර යන්ත්‍ර සූත්‍ර සහ ජල ප්‍රහාරක රථ සමඟින් පොලිස් භට පිරිසක් පැමිණ සිටිය අතර පොලිසිය දොඹකර භාවිතා කරමින් නිවසේ ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් නිවසට ඇතුළු වීමට විරෝධය පාමින් සිටි පාක්ෂිකයන්ට බැටන් ප්‍රහාරයක් එල්ල කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක් වෙනවා.

ඛාන් මෙම වැටලීම හෙළා දකින අතර ඔහුගේ බිරිඳ එම අවස්ථාවේ නිවසේ තනිව සිටි බවයි ඔහු ප්‍රකාශ කළේ.

බුෂ්රා බෙගම් තනිව සිටින සමන් උද්‍යානයේ මගේ නිවසට පන්ජාබ් පොලිසිය ප්‍රහාරයක් එල්ල කර ඇත,” “මොන නීතියක් යටතේද මුන් මෙහෙම කරන්නේ? ”

“මම විනාඩි 15 ක් උසාවියෙන් පිටත හිටියා,” මම මගේ උපරිමයෙන් අධිකරණයට ඇතුළු වීමට උත්සාහ කරනවා, නමුත් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර, බාධක සහ බහාලුම් තබා තිබෙනවා. මම උසාවියට ඇතුළු වෙනවාට ඔවුන් කැමති නොමැති බව පෙනේ. ”

ඛාන්ට එරෙහි දූෂණ නඩුව පකිස්ථානයේ මැතිවරණ කොමිසම විසිනුයි පනවා ඇත්තේ.

2018 වසරේ සිට 2022 දක්වා ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ලැබුණු ත්‍යාග හෝ ඒවා විකිණීමෙන් ලැබූ ලාභය ප්‍රකාශ නොකළ බවට මැතිවරණ කොමිසම ඔහුට චෝදනා කර තිබෙනවා.

ඛාන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා දේශපාලනික චෝදනා ලෙසටයි පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?