ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කරයි

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණයක් විසින් නිකුත් කරනු ලැබූ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කර ඇති බව ඔහුගේ නීතිඥවරයා පවසනවා.

ෆයිසාල් ෆරීඩ් චෞද්‍රි විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ ඉස්ලාමාබාද් අධිකරණය නඩු විභාගය කල් තැබූ අතර මාර්තු 30 වන දින මීළඟ නඩු විභාගයේදී ඔහුගේ පැමිණීම සහතික කරන ලෙස හිටපු අගමැතිවරයාට උපදෙස් දී ඇති බවයි.

ඛාන් අධිකරණයේ පෙනී සිටීම නිල වශයෙන් තහවුරු කිරීමෙන් පසුව වරෙන්තු අවලංගු කරන තිබෙනවා.

හිටපු අගමැතිවරයා ගේ මෝටර් රථය සෙනසුරාදා උසාවි පරිශ්‍රයේ ගේට්ටුව වෙත ළඟා වූයේ පොලිසිය සහ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් අතරතුරදී යි.

ඉම්රාන් ඛාන් උසාවියෙන් පිටත ඔහුගේ වාහනයේ සිටි අතර, උසාවියට ඇතුළු වීමට උත්සාහ කර තිබුණා.

කෙසේ වෙතත්, පොලිසිය ඔහුට උසාවියට ඇතුළුවීම සීමා කිරීමට උත්සාහ ගත් අතර ඔහුගේ පාක්ෂිකයන්ට එරෙහිව කුරිරු බලයක් භාවිතා කළ බවටයි නීතිඥයන් ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ දහවල් ලාහෝර්හි පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට කඩා වැදීම හමුවේ ආධාරකරුවන් සමඟ ගැටුමක් ද ඇති වුණා.

එහිදී 60කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවයි පාකිස්ථාන පොලිසිය පවසන්නේ.

වැටලීම සඳහා බර යන්ත්‍ර සූත්‍ර සහ ජල ප්‍රහාරක රථ සමඟින් පොලිස් භට පිරිසක් පැමිණ සිටිය අතර පොලිසිය දොඹකර භාවිතා කරමින් නිවසේ ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් නිවසට ඇතුළු වීමට විරෝධය පාමින් සිටි පාක්ෂිකයන්ට බැටන් ප්‍රහාරයක් එල්ල කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක් වෙනවා.

ඛාන් මෙම වැටලීම හෙළා දකින අතර ඔහුගේ බිරිඳ එම අවස්ථාවේ නිවසේ තනිව සිටි බවයි ඔහු ප්‍රකාශ කළේ.

බුෂ්රා බෙගම් තනිව සිටින සමන් උද්‍යානයේ මගේ නිවසට පන්ජාබ් පොලිසිය ප්‍රහාරයක් එල්ල කර ඇත,” “මොන නීතියක් යටතේද මුන් මෙහෙම කරන්නේ? ”

“මම විනාඩි 15 ක් උසාවියෙන් පිටත හිටියා,” මම මගේ උපරිමයෙන් අධිකරණයට ඇතුළු වීමට උත්සාහ කරනවා, නමුත් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර, බාධක සහ බහාලුම් තබා තිබෙනවා. මම උසාවියට ඇතුළු වෙනවාට ඔවුන් කැමති නොමැති බව පෙනේ. ”

ඛාන්ට එරෙහි දූෂණ නඩුව පකිස්ථානයේ මැතිවරණ කොමිසම විසිනුයි පනවා ඇත්තේ.

2018 වසරේ සිට 2022 දක්වා ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ලැබුණු ත්‍යාග හෝ ඒවා විකිණීමෙන් ලැබූ ලාභය ප්‍රකාශ නොකළ බවට මැතිවරණ කොමිසම ඔහුට චෝදනා කර තිබෙනවා.

ඛාන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා දේශපාලනික චෝදනා ලෙසටයි පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23