පාසල් නිවාඩු ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනුම්දීමක්

2023 පළමු පාසල් වාරයේ 1 වන අදියරේ නිවාඩුව අප්‍රේල් 5 වන දා සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අනතුරුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 17 වන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එම අදියර මැයි 12 වන සිකුරාදා දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන අදියරේ නිවාඩුව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් මැයි 13 වන දින සිට මැයි 24 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

අමාත්‍යංශය නිවේදනය කළේ, පළමු පාසල් වාරයේ තුන්වන අදියර මැයි 25 වන බ්‍රහස්පතින්දා සිට ජූලි 20 බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි.

පසුව තුන්වන අදියරේ නිවාඩුව ජූලි 21 වන දා සිට ජූලි 23 වන දා දක්වා ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියාසිටියේ.

දෙවන සහ තුන්වන පාසල් වාර ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ද එම අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?