ජේ. ශ්‍රී රංගා රිමාන්ඩ්

පොලිස් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා ලබන 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රංජිත් සේපාල දහනායක මහතා විසිනුයි අද මෙම නියෝගය ලබා දුන්නේ.

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ
සැරයන්වරයකු මරණයට පත් වීමට අදාළව පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි ඊයේ වව්නියාව මහාධිකරණය නියෝග කළේ.

එම වරෙන්තුවට අනුව රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී ජේ.ශ්‍රීරංගා කොහුවල පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලනික පළිගැනීමක් උදෙසා සැළසුම් සහගතව සිදු කරන ලද අත්අඩංගුවට ගැනීමක් ලෙසටයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

2011 වසරේ මාර්තු 30 වැනිදා සිදු වූ රිය අනතුරකින් තිදරු පියෙකු වූ සැරයන් ජි.උදය ජයමිණි පුෂ්පකුමාරගේ මරණය සිදු කර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරය විසින් ජේ.ශ්‍රී රංගාට එරෙහිව වවුනියාව මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

නඩුවට අදාළව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට විත්තිකාර ජේ.ශ්‍රිරංගා විසින් දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කර ඇති බවටත් පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට බලපෑම් කළ බවටත් තොරතුරු ලැබී ඇති බවටයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36