ජේ. ශ්‍රීරංගා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රීරංගා අත්අඩංගුවට ගන්නා ලෙසට වවුනියාව මහාධිකරණය පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වන නඩු විභාගයක සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සහ අනතුර සම්බන්ධ නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් මහාධිකරණය අද මෙම නියෝගය ලබාදී ඇති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ශ්‍රී රංගා ගමන් කරමින් සිටි ලියාපදිංචි නොකරන ලද වාහනයක් 2011 වසරේ මාර්තු මස 30 වනදා සෙට්ටිකුලම් රෝහල ආසන්න‍යේදී මාර්ගය ආසන්නයේ පිහිටි ගසක හැපීමෙන් සිදු වූ අනතුරකින් මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා මියයාම සම්බන්ධයෙන් වන නඩුවක සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීම හා අනතුර සම්බන්ධ නඩු විභාගය වෙනුවෙන් නොපැමිණීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය මෙලෙස නියෝග කර තිබෙනවා.

අනතුරින් මියගියේ ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත අලව්ව ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙක්.

හිටපු මන්ත්‍රීවරයා විසින් නඩු විභාගයේදී ප්‍රකාශ කර ඇත්තේ අනතුරට ලක්වූ වාහනය මියගිය පොලිස් සැරයන්වරයා විසින් පැදවූ බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන අනුව හෙළිවී ඇත්තේ එම අනතුර සිදුවන විට වාහනය එළවා ඇත්තේ ජේ ශ්‍රී රංගා මන්ත්‍රිවරයා බවයි.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මැදවච්චිය මන්නාරම ප්‍රධාන මාර්ගයේ මන්නාරම දක්වා ගමන් කරන අවස්ථාවක අනතුර සිදුව තිබුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ශ්‍රී රංගා, 2011 වසරේ වව්නියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, හිටපු පොලිස් අධිකාරිවරයා, සෙට්ටිකුලම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු වෙත අනතුරක් වසන් කිරීමට කටයුතු කිරීම හා අපරාධකරුවෙකුට පළායාමට උපකාර කිරීම යටතේ චෝදනා ගොනු වී තිබෙනවා.

අදාළ නඩු විභාගයේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීමේ චෝදනාව යටතේ ජේ ශ්‍රී රංගා වෙත මෙවර මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36