හරක් කටාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සැකකරුගේ පියා වු නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තම පුත්‍රයාට එරෙහිව මේ වන විට කොළඹ හා මාතර අධිකරණවල නඩු හතක් පමණ පවතින බවයි.

පසුගිය කාලයේ පොලිස් අත්අඩංගුවේ පසුවූ මාකඳුරේ මධුෂ් වැනි සැකරුවන් විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවල දී වෙඩි තබා මරා දැමුණු බව පෙන්වාදෙන පෙත්සම්කරු එම තත්ත්වය මත මේ වන විට අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුවී තිබෙන බව සඳහන් කර තිබෙනවා.

එබැවින් මෙම පෙත්සම කඩිනමින් සලකා බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සැකකරු හමුවීමට ඔහුගේ ඥාතීන්ට සහ නීතිඥවරුන්ට අවකාශ සලසා දෙන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයෙකු දැනුවත් නොකොට අත්අඩංගුවේ පසුවන සැකකරු විමර්ශන කටයුතු සඳහා බාහිර ස්ථානවලට රැගෙන නොයන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු එසේ බාහිර ස්ථානවලට රැගෙන යන අවස්ථාවලදී සැකකරුගේ අත් සහ පා විලංගුලා රැගෙන යන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටයි ඉල්ලා ඇත්තේ.

යම් අවස්ථාවක සිය පුත්‍රයා ඇප මත මුදා හරිනු ලැබූ වොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

  1. API DANNA SAHA NODANNA KALEYE SITA KEE DENEK ALLUWADA ELLALA MARUWADHA, RITH HEMA APARADHAYAMA WADI WELA NEDHA. CHEENA, YAKADAYA, SIRIPALA, PODI WIJE, UKKUWA, AMARASINHGA SAHODARAYI, EYALAGE PASU PARAMPARAWA, SOTHTHI UPALI, MORA SUNIL, GONAWELA SUNIL, METHA KALAYE MAKANDURE MADUSH THAWA GODAK INNAWA NAM MATHAKA NAHE, IWARAYAK UNADHA NAHANE. EYI? JAWARAM WALA APITA PENNA INNA FACE MAN LA THAMAYI MEYALA. ME JAWARAM MEHEYAWANA UN INNE UNGE PITI PASSE. UN DESHAPALANA, SAMAJEEYA, MUDHAL SAHA ONEMA ATHAKIN BALAWATH MA AYA. EYALATA ONA WENAKOTA UDATA GANNAWA, ARAGENA WATETAMA PENWANAWA, EHEMA SHOW WENA UNATA IGENEEMAK NATHI MODA NUGATH UN NISA HENATA PADA SHOW DANAWA. WENA EKEK HOYA GATHTHAMA HO UGEN ATHI WENNA WEDA GATHTHAMA UWA AYIN KARANNA ONA UNAMA MOKAK HARI ATAWALA UTA GEMA SET KARANAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්