වෘත්තීය සමිති 40කට වැඩි සංඛ්‍යාවක් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

සෞඛ්‍ය, වරාය සහ විදුලිය ඇතුළු වෘත්තීය සමිති 40කට වැඩි සංඛ්‍යාවක් අද (13) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්ති, පොළී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලුව ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ අද (13) දිනයේ බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රිතව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ කොළඹ දී ඊයේ (12) මාධ්‍ය හමුවකට එක්වෙමින් ජල සැපයුම අඩාල නොවන පරිදි සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන බවයි පැවසුවේ.

15 වනදා අසනීප නිවාඩු වාර්තාකරමින් වර්ජනයට සහාය පළකරන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

මේ අතර බැංකු සේවකයින් අද (13) දිනයේ සිට කළු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි ලංකා බැංකු සේවක සංගමය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47