අවුරුද්දට කලින් ඉන්ධන මිලෙන් සහනයක්

එළෙඹෙන මාසයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ දී අද (12) පැවති හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඩොලරයේ අගය පහත බැසීමත් සමඟ ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය ඒ අනුව ජනතාවට ලබාදෙන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව අප්‍රේල් මාසයේ පළමු දින සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි කී අමාත්‍යවරයා දැනට යතුරුපැදියක් සඳහා සතියකට ලබාදෙන ලීටර 05ක ඉන්ධන කෝටාව ඔවුන් දිනකට ඉල්ලා ඇතැයි ද සඳහන් කළා.

අපේක්ෂකයින් 80,000ට එම කෝටාව ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන ඒවා ගෙන්වීමට මාස 06ක් පමණ අවශ්‍ය බවත්, ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර විදුලිබිල සහ ඉන්ධන මිල අඩු කිරීමට නම් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30