spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුද්දට කලින් ඉන්ධන මිලෙන් සහනයක්

එළෙඹෙන මාසයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ දී අද (12) පැවති හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඩොලරයේ අගය පහත බැසීමත් සමඟ ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය ඒ අනුව ජනතාවට ලබාදෙන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව අප්‍රේල් මාසයේ පළමු දින සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි කී අමාත්‍යවරයා දැනට යතුරුපැදියක් සඳහා සතියකට ලබාදෙන ලීටර 05ක ඉන්ධන කෝටාව ඔවුන් දිනකට ඉල්ලා ඇතැයි ද සඳහන් කළා.

අපේක්ෂකයින් 80,000ට එම කෝටාව ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන ඒවා ගෙන්වීමට මාස 06ක් පමණ අවශ්‍ය බවත්, ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර විදුලිබිල සහ ඉන්ධන මිල අඩු කිරීමට නම් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?