බිරිඳගේ අනියම් සැමියා නිත්‍යානුකූල සැමියාට මරු කැඳවයි

ගම්පොළ කලුගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද බවට සැක කරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙක් බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අද උදෑසන තුවාල සහිත මෙම මළ සිරුර නිවසේ උඩුමහලේ තිබී සොයා ගැනුණා.

ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ ගොස් ඇති අතර මෙම පුද්ගලයා නිවසේ තනිව වාසය කර ඇතැයි සඳහන්.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ජිවත් වූ සිටි දෙමහල් නිවස බිරිඳගේ පියා විසින් රැගෙන දී ඇතැයි පැවසෙන අතර එම නිවස සම්බන්ධයෙන් අනියම් සැමියා හා බිරිඳ මොහු සමග ආරවුලක් තිබී ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මියගිය පුද්ගලයාගේ බිරිඳගේ අනියම් සැමියා වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු සඟවා සිටි පිහියක් ද හමුවී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26