ගෝඨාභය ගේ නිවස අසල උද්ගෝෂණවලදී අත් අඩංගුවට ගත් දෙදෙනෙකුගේ පෙත්සම්වලට විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට කල් දෙයි

පසුගිය 2022 වසරේ මාර්තු මස මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති උද්ඝෝෂණවලදී පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් අරගලකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සම් පත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමා විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අදාළ විරෝධතා සති හතරක් තුළ ගොනු කළ ලෙස නීතිපතිවරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නැවත සලකා බැලීම සඳහා ජුලි මස 17 වනදා කැඳවන ලෙස නියම කළා.

විජිත් මළල්ගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි පෙත්සම් සලකා බැලුණේ.

පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ඉකුත් වසරේ මාර්තු 31 වන දා මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවැති උද්ඝෝෂනවලින් පසුව පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය විසින් තමා අත් අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32