කඳුබොඩ දැරියට මරු කැඳවූ යකැදුරු කත සහ මව රිමාන්ඩ් භාරයට

කඳුබොඩ ප්‍රදේශයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේදී අට හැවිරිදි දැරියක මරුමුවට පත්වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් දැරියගේ මව හා කට්ටඩි කාන්තාව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය ඊයේ (01 වැනිදා) නියම කළාය.

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි කට්ටඩි කාන්තාව වන මොහොමඩ් පාරුක් ලාහිලා පාලිදා (අවු 38) හා දැරියගේ මව වන පාතිමා රික්තා (අවු 40) යන කාන්තාවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඉකුත් සෙනසුරාදා (27 වැනිදා) පස්වරුවේ මෙම දැරියගේ මව විසින් දැරිය එම නිවෙස ආසන්නයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයට අමනුෂ්‍ය දෝෂයක් දුරු කර ගැනීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ ශාන්තිකර්මය කළ කාන්තාව විසින් දැරියට එකී ශාන්තිකර්මයේදී වේවැලකින් පහර දීමෙන් දැරිය මරුමුවට පත්වී ඇතැයි පැවසේ.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙගොඩ, කඳුබොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි මොහොමඩ් රිකා පාතිමා රිෆා නමැති අට හැවිරිදි දැරියකි. මේ සිද්ධිය පිළිබඳව මිගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරෙත් හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලරත්න යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අපගේ පෙර පුවත – දේවාලයට රැගෙන ගිය දැරියට වේවැලකින් පහර දී මියයයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09