ලොරියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14කට තුවාල (ඡායාරූප)

එලවළු රැගෙන ඒම සඳහා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට යමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 14 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද උදෑසන 9ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසලදීයි.

ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි ගොවිපොලකින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ගලවා රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක් අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබු පස්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරිය වංගුවකදී වේගය පාලනය කිරීම සදහා රියදුරු තිරිංග ක්‍රියාත්මක කිරීමේදි ලොරිය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළී අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරෙන් තුවාල ලැබු පිරිස කොත්මලේ පොලිසියේ නිලධාරින් සහ ලබුකැලේ ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර තිබෙනවා.

ලොරිය අනතුරට පත් වන අවස්ථාවේ එහි 15 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් එක් අයෙකු ලොරිය පෙරළෙන විට ඉන් බිමට පැන දිවි බේරාගෙන තිබෙනවා.

අනතුරින් ලොරි රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇතැයි සඳහන්.

මෙම ලොරි රථය අනතුරට පත් වන ආකාරය එම ස්ථානයේ වෙළඳසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවක ද සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?