ලොරියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14කට තුවාල (ඡායාරූප)

එලවළු රැගෙන ඒම සඳහා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට යමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 14 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද උදෑසන 9ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසලදීයි.

ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි ගොවිපොලකින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ගලවා රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක් අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබු පස්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරිය වංගුවකදී වේගය පාලනය කිරීම සදහා රියදුරු තිරිංග ක්‍රියාත්මක කිරීමේදි ලොරිය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළී අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරෙන් තුවාල ලැබු පිරිස කොත්මලේ පොලිසියේ නිලධාරින් සහ ලබුකැලේ ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර තිබෙනවා.

ලොරිය අනතුරට පත් වන අවස්ථාවේ එහි 15 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් එක් අයෙකු ලොරිය පෙරළෙන විට ඉන් බිමට පැන දිවි බේරාගෙන තිබෙනවා.

අනතුරින් ලොරි රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇතැයි සඳහන්.

මෙම ලොරි රථය අනතුරට පත් වන ආකාරය එම ස්ථානයේ වෙළඳසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවක ද සටහන් වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14