ගෑස් මිල ගැන තීරණයක්

මිල සූත්‍රයට අනුව හෙට (5) ගෑස් මිලෙහි වැඩි වීමක් සිදු වීමට නිමිතව තිබුණ ද එය සිදු නොකර ජනතාවට සහනයක් දීමට නියමිත බවට වාර්තා වනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර ඇත්තේ ජනතාව ඉතා අසීරුතාවන්ට පත්ව ඇති මොහොතක ගෑස් මිලෙහි නියත වැඩි වීමක් තිබුණ ද එම මිල වැඩි වීමක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එමෙන්ම රුපියල් ශක්තිමත් වීම තුළින් එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.