බහු කාර්ය සංවර්ධනය සහායක සහයිකාවන් 2,400ක් දුම්රිය සේවයට

බහු කාර්ය සංවර්ධනය සහායක සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා අන්තර් ග්‍රහණය කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (03) සිදු කෙරුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි දුම්රිය කාර්ය සහායක තනතුර සඳහා බඳවා ගත් බහුකාර්ය කාර්ය සාධක බලකායේ සුදුසුකම් ලත් නිලධාරින් මෙසේ නව සේවයට එක් කර ඇත්තේ.

රැකියාව තුළ කුමන වෘත්තීය ගැටලු මතු වුවත් සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, ශිෂ්ඨ සම්පන්න ලෙස එම ගැටලු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“යටත් විජිත යුගයේ ඇරඹුණු මෙරට දුම්රිය සේවයේ මානව සම්පත ඉටු කරන්නේ ඉතාමත් වැදගත් මෙහෙවරක්‌. දුම්රිය කාර්ය සහායක ශ්‍රේණියේ නිලධාරීන් හටත් එහි විශාල වගකීමක් පැවරෙනවා. රට තුළ පවතින තත්වය තුල රාජ්‍ය සේවය උදෙසා අලුතින් බඳවා ගැනීම් නවතා තිබෙන මොහොතක උවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කර රජයේ බහුකාර්ය සංවර්ධන බලකායේ පුහුණුව ලැබූ පිරිසකට ස්ථිර පත්වීම් ලබා දී දුම්රිය සේවයට එක්කර ගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්‌. සුවිශාල ජාතික සේවයක වගකීමට උරදෙන දුම්රිය සේවයට එක් වීමට ලැබීම ඔබ ලැබූ භාග්‍යයක්. අලුත් අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහිතව රටට සේවය කිරීමට අවස්ථාවක්‌ මෙන්ම කැපවීම, උනන්දුව හා උත්සාහය මත උසස්වීම් සහිත ස්ථාවරත්වයට ළඟා වීමේ අවස්ථාවද ඔබ‍ට හිමි වනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?