බහු කාර්ය සංවර්ධනය සහායක සහයිකාවන් 2,400ක් දුම්රිය සේවයට

බහු කාර්ය සංවර්ධනය සහායක සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා අන්තර් ග්‍රහණය කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (03) සිදු කෙරුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි දුම්රිය කාර්ය සහායක තනතුර සඳහා බඳවා ගත් බහුකාර්ය කාර්ය සාධක බලකායේ සුදුසුකම් ලත් නිලධාරින් මෙසේ නව සේවයට එක් කර ඇත්තේ.

රැකියාව තුළ කුමන වෘත්තීය ගැටලු මතු වුවත් සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, ශිෂ්ඨ සම්පන්න ලෙස එම ගැටලු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“යටත් විජිත යුගයේ ඇරඹුණු මෙරට දුම්රිය සේවයේ මානව සම්පත ඉටු කරන්නේ ඉතාමත් වැදගත් මෙහෙවරක්‌. දුම්රිය කාර්ය සහායක ශ්‍රේණියේ නිලධාරීන් හටත් එහි විශාල වගකීමක් පැවරෙනවා. රට තුළ පවතින තත්වය තුල රාජ්‍ය සේවය උදෙසා අලුතින් බඳවා ගැනීම් නවතා තිබෙන මොහොතක උවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කර රජයේ බහුකාර්ය සංවර්ධන බලකායේ පුහුණුව ලැබූ පිරිසකට ස්ථිර පත්වීම් ලබා දී දුම්රිය සේවයට එක්කර ගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්‌. සුවිශාල ජාතික සේවයක වගකීමට උරදෙන දුම්රිය සේවයට එක් වීමට ලැබීම ඔබ ලැබූ භාග්‍යයක්. අලුත් අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහිතව රටට සේවය කිරීමට අවස්ථාවක්‌ මෙන්ම කැපවීම, උනන්දුව හා උත්සාහය මත උසස්වීම් සහිත ස්ථාවරත්වයට ළඟා වීමේ අවස්ථාවද ඔබ‍ට හිමි වනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59