ව්‍යාපාරිකයෙකුගේ නිවස පිහිටි ඉඩමේ ඇති නිධන් වස්තුවක් ගොඩ ගැනීමට පැමිණි හොර කට්ටියකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු එම නිවසේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ විසි දෙකක් මුදලක් සොරකම් කර පලා ගොස් තිබේ.එම පිරිස මේ වන විට වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයට පෙර නිවසේ ආරක්ෂාවක් සඳහා එම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ සිදුකළ හතර කොන් ආරක්ෂාවක දී නිධානයක් තිබෙන බැවින් එය ගොඩ ගැනීමට දක්ෂ යකැදුරෙක් පොලොන්නරුව ප්‍රදේශයෙන් රැගෙන ආ හැකි යැයි පවසා ඊට වැය වෙන මුදල් හදල් ගැන කතිකා කර නිධානය ගොඩගැනීමට දින 7 ක කාලයක් පේවී සිටින්නැයි ද උපදෙස් දී පසුව කතාකරගත් දිනෙක නිධානය ගොඩගැනීමට පැමිණ එහි මූලික කටයුතු වල නිරත වන අතරතුර ව්‍යාපාරිකයා ඇතුළු නිවැසියන් උපක්රමශීලීව ටිකවෙලාවකට නිවසෙන් පිටමං කර ඇත. මෙම පිරිස ව්‍යාපාරිකයාගේ නිවසේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ 22 ක මුදලක් එම හොර කට්ටඩියන් විසින් සොරකම් කර පලාගොස් සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවැසියන් වැලිපැන්න පොලීසියට කළ පොලිසියට කළ පැමිණිල්ල මත මෙම හොරකමට සම්බන්ධ කට්ටඩියා , සංගීත ශිල්පියෙක් , හා හිටපු හමුදා සෙබලෙක් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිපැන්න පොලිස් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .













