මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිසියේ මුදල් කොල්ලකෑමේ උත්සාහයක් – එක් අයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සතුව තිබූ රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් කිඳෙල්පිටිය බදුවිල මාර්ගයේදී   කොල්ලකෑමට තැත් කළ 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් කොල්ල කෑමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය අහසට වෙඩි තබා මෙලෙස එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු සිවිල් ආරක්ෂක සෙබළෙක් බව පොලිසිය සඳහන් කරනවා.

සැකකරු පැමිණි බව කියන යතුරුපැදියක් සහඑම පුද්ගලයා සතුව තිබූ මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 35කට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයන බවට ගාල්ල බූස්ස හමුදා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත ලබා දීමෙන් අනතුරුව එය මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි අවස්ථාවේ දීයි මෙය සිදුවී ඇත්තේ.

එම තොරතුරු ලබාදුන් බුද්ධි නිලධාරීන් මෝටර් රථයකින් පැමිණ ඇති අතර වැටලීම සඳහා පැමිණි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් වෑන් රථයකින් පැමිණ තිබෙනවා.

මද වේලාවක දී යතුරුපැදි දෙකකින් එම ස්ථානයට පැමිණ තිබූ පුද්ගලයන් 4 දෙනෙකුගෙන් අයෙකු නිලධාරියෙක් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35 කොල්ලකෑමට තැත් කර ඇති අතර ඒ සමග ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියකු රාජකාරී ගිනි අවියෙන් අහසට වෙඩි තබා පිරිස මෙල්ල කිරීමත් සමගම තිදෙනෙකු යතුරුපැදියක නැගී පළා ගිය බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර ඔහු වැල්මිල්ල, මෛත්‍රී මාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක පුද්ගලයෙක්.

සැකකරු සමඟ පැමිණි අනෙක් පුද්ගලයන් හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13