පාරට දාන කාපට් වෙනස් වෙයි ද ?

වියදම් අධික කාපට් මාර්ග වෙනුවට නව තාක්ෂණයෙන් යුතු අඩු වියදමින් මාර්ග ඉදිකිරීම් පිළිබඳ පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ රත්මලාන පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පර්යේෂණ හා සංවර්ධන අංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දීයි.

එහිදී දැනට ශ්‍රී ලංකාව තුළ පවතින මාර්ග නිසි ප්‍රමිතියකින් යුතුව සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා හා පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන සමගද එකඟතාවයකින් යුතුව ජාතික වශයෙන් ක්‍රියාත්මක වන නිසි ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙම කටයුතු සඳහා පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල ඒකාබද්ධ එකඟතාවකින් යුතු වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ.

එමෙන්ම ආයතනය තුළ සිදු කෙරෙන පර්යේෂණ හා සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් පෞද්ගලික අංශයේ වෘත්තිකයින්ටද අවශ්‍ය පුහුණුව සමඟ ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් (NVQ) ලබා දිය හැකි ආකාරයේ පහසුකම් ආයතනය තුළ ස්ථාපිත කිරීම තුළින් ආයතනය පිළිබඳව ජාතික මට්ටමේ පිළිගැනීමක්‌ හා නව ආදායම් උත්පාදන මාර්ගයක්ද බිහි කළ හැකි බව බන්දුල ගුණවර්ධන පෙන්වා දී තිබෙනවා.

මෙහිදී දැනට මෙරට මාර්ග ඉදිකිරීම සහ අලුත්වැඩියාව සඳහා භාවිතා කෙරෙන ගල් කුඩු, තාර, කාපට් ආදිය යොදා ගනිමින් සිදුකෙරෙන ක්‍රමවේදයට විකල්පයක් ලෙස කලු ගල් හා පිහිටි පොළොව ශක්තිමත් කරමින් මාර්ග ඉදිකිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව සිදුකෙරෙන පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙසටයි ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

එහිදී දැනට භාවිතා කෙරෙන ක්‍රමවේදයන් හා ඉදිරිපත්ව ඇති මෙම අඩු වියදම් ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගිකව සොයා බලමින් එහි ඵලදායි තත්වය පිළිබඳව පරීක්ෂාකර ඉදිරි කටයුතු වෙනුවෙන් කමිටුවක් පත් කරමින් කටයුතු කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

මෙම නව අත්හදා බැලීම් සඳහා ආදර්ශ මාර්ගයක් ලෙස කොට්ටාව – මොරගහහේන මාර්ගය යොදා ගනිමින් පරීක්ෂාවක් සිදුකර එහි යෝග්‍යතාවය පරික්ෂා කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් මූල්‍ය වශයෙන් අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින අවස්ථාවේ අඩු වියදම් ක්‍රමවේදයන් පිළිබඳව ඉදිරිපත් වන යෝජනා පවතී නම් එවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම මෙම අවස්ථාවේ ඉතාමත් කාලෝචිත බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32