පෙම්වතිය හමුවීමට යතුරුපැදියෙන් යමින් සිටි තරුණයෙක් ලොරි රථයක ගැටීමියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ ගල්පාත, දියගම පදිංචිව සිටි තෙබුවනගේ මොහාන් මධුසංඛ නමැති 27 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය පවසයි.
යතුරුපැදිකරු ඉකුත් 25 පස්වරුවේ කළුතර දෙස සිට හොරණ දෙසට ගමන්කර ඇති අතර, ගල්පාත ප්‍රදේශයේ දී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් යෝගට් ප්‍රවාහනය කරමින් පැමිණි කුඩා ලොරි රථයක ගැටී තිබේ. යතුරුපැදිකරු හිස්වැසුම් රහිතව ගමන් කර ඇති බවත්, ලොරි රථයේ බඳ කොටසේ හිස තදින් ගැටී ඇති බවත් මෙතෙක් කළ පරික්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය. ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබේ. මෘතදේහය නාගොඩ මහරෝහලේ තැත්පත් කර ඇති අතර, පී.සී.ආර්. පරික්ෂණයකින් පසු ඥාතීන්ට භාරදීමට නියමිත බව පොලිසිය කියයි.
කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයන්ත වටගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් චන්ද්‍රසිරි (49747) සහ කොස්තාපල් ජේ.ජී.එස්.බී. සෙනෙවිරත්න මහත්වරු පරික්ෂණ පවත්වති .