Empty Ad
AFC Banner
Empty Ad

කෝටි 23 ක කොකේන් ගෙනා තරුණිය අත්අඩංගුවට(ඡායාරූප)

රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය තරුණියක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

26 හැවිරිදි බොලීවියානු ජාතික තරුණියක වන ඇය ඇදුම්,රෙදිපිළි ආදිය කොකේන් දියරයකින් පොගවා මත්ද්‍රව්‍ය දිවයිනට ගෙනැවිත් ඇති බව රෙගු නිලධාරීන් අනාවරණය කර ගත්තා.

ඩුබායි සිට පැමිණි ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ ඇදුම් වල තවරා තිබෙන කොකේන් ඉවත් කර ගැනීම සදහා රසායනික ද්‍රව්‍යයක් භාවිත කරන බවයි.

ඇය සතුව මත්ද්‍රව්‍ය කිලෝ 04 ක් හා ග්රැම් 600 ක් සොයා ගත් අතර එහි වටිනාකම රුපියල් කෝටි 23 ක්.

මෙම මාසයේ බොලීවියානු රජය විසින් නිකුත් කර ඇති ඇයගේ පළමු ගුවන් ගමන් බලපත්‍රය හා පළමු විදේශ සංචාරය මෙය බව පවසන රේගු නිලධාරීන් ඇය මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයේ සිට ඩුබායි වෙත රැගෙන විත් එතැන් සිට කටුනායකට පැමිණ ඇති බව පැවසුවා.

මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර දීම සදහා ජාවාරම්කරුවන් ඇයට පොරොන්දුවී ඇති ගාස්තු මුදල ඇමෙරිකානු ඩොලර් 500 ක්.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපළ පර්යන්තයෙන් පැමිණ පිටත පුද්ගලයෙකුට භාර දීමට නියමිතව තිබූ බවද රේගු නිලධාරීන් කල විමර්ශනයේදී අනාවරණය වුණා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

IMG 20230228 133306 scaled
IMG 20230228 133322 scaled
IMG 20230228 133825 scaled
IMG 20230228 133844 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49

?