කෝටි 23 ක කොකේන් ගෙනා තරුණිය අත්අඩංගුවට(ඡායාරූප)

රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය තරුණියක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

26 හැවිරිදි බොලීවියානු ජාතික තරුණියක වන ඇය ඇදුම්,රෙදිපිළි ආදිය කොකේන් දියරයකින් පොගවා මත්ද්‍රව්‍ය දිවයිනට ගෙනැවිත් ඇති බව රෙගු නිලධාරීන් අනාවරණය කර ගත්තා.

ඩුබායි සිට පැමිණි ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ ඇදුම් වල තවරා තිබෙන කොකේන් ඉවත් කර ගැනීම සදහා රසායනික ද්‍රව්‍යයක් භාවිත කරන බවයි.

ඇය සතුව මත්ද්‍රව්‍ය කිලෝ 04 ක් හා ග්රැම් 600 ක් සොයා ගත් අතර එහි වටිනාකම රුපියල් කෝටි 23 ක්.

මෙම මාසයේ බොලීවියානු රජය විසින් නිකුත් කර ඇති ඇයගේ පළමු ගුවන් ගමන් බලපත්‍රය හා පළමු විදේශ සංචාරය මෙය බව පවසන රේගු නිලධාරීන් ඇය මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයේ සිට ඩුබායි වෙත රැගෙන විත් එතැන් සිට කටුනායකට පැමිණ ඇති බව පැවසුවා.

මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර දීම සදහා ජාවාරම්කරුවන් ඇයට පොරොන්දුවී ඇති ගාස්තු මුදල ඇමෙරිකානු ඩොලර් 500 ක්.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපළ පර්යන්තයෙන් පැමිණ පිටත පුද්ගලයෙකුට භාර දීමට නියමිතව තිබූ බවද රේගු නිලධාරීන් කල විමර්ශනයේදී අනාවරණය වුණා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

IMG 20230228 133306 scaled
IMG 20230228 133322 scaled
IMG 20230228 133825 scaled
IMG 20230228 133844 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56