AFC Banner
Empty Ad
Empty Ad

දැරියන් 11 දෙනෙකු කෙළෙසූ ළමා නිවාස පාලිකාවගේ සැමියා රිමාන්ඩ්

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලද දැරියන් 11 දෙනකු අපයෝජනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කළා.

ඒ, සැකකරු ඊයේ (26) දිනයේ පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු රත්නපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු 53 හැවිරිදි වියේ පසුවන අයෙක්.

රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයකු ලෙස සැකකරු කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?