දැරියන් 11 දෙනෙකු කෙළෙසූ ළමා නිවාස පාලිකාවගේ සැමියා රිමාන්ඩ්

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලද දැරියන් 11 දෙනකු අපයෝජනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කළා.

ඒ, සැකකරු ඊයේ (26) දිනයේ පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු රත්නපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු 53 හැවිරිදි වියේ පසුවන අයෙක්.

රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයකු ලෙස සැකකරු කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34