මාලිමාවේ විරෝධතාව අතර තුර විස්සක් ජාතික රෝහලට

ජාතික ජන බලවේගයේ විරෝධාවය අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් විසිදෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ විරෝධතාවයට පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

පොලිසිය විසින් කොළඹ – ඉබ්බන්වල මංසන්ධියේ දී විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර, එහිදී තුවාල ලැබූ පිරිසකුයි මෙලෙස රෝහල් ගතකර ඇත්තේ.

කොළඹ නෙලුම් පොකුණ රඟහල අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ වුණේ අද (26) පස්වරුවේදීයි.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ ඒ අවට මාර්ග රැසක ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී තිබුණා.

විරෝධතාවයට එරෙහිව කොටුව පොලීසිය සහ මරදාන පොලීසිය විසින් අධිකරණ නියෝග දෙකක් ලබාගෙන තිබූ අතර, එම නියෝගයන් නොතකමින් විරෝධතාකරුවන් විරෝධතාවයට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18