spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලිමාවේ විරෝධතාව අතර තුර විස්සක් ජාතික රෝහලට

ජාතික ජන බලවේගයේ විරෝධාවය අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් විසිදෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ විරෝධතාවයට පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

පොලිසිය විසින් කොළඹ – ඉබ්බන්වල මංසන්ධියේ දී විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර, එහිදී තුවාල ලැබූ පිරිසකුයි මෙලෙස රෝහල් ගතකර ඇත්තේ.

කොළඹ නෙලුම් පොකුණ රඟහල අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ වුණේ අද (26) පස්වරුවේදීයි.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ ඒ අවට මාර්ග රැසක ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී තිබුණා.

විරෝධතාවයට එරෙහිව කොටුව පොලීසිය සහ මරදාන පොලීසිය විසින් අධිකරණ නියෝග දෙකක් ලබාගෙන තිබූ අතර, එම නියෝගයන් නොතකමින් විරෝධතාකරුවන් විරෝධතාවයට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?