AFC Banner
Empty Ad
Empty Ad

පර්යේෂකයන් පුදුම කළ සුනඛ පැටවෙකු උපත ලබයි

එක්සත් ජනපදයෙන් හරි අපුරු පුවතක් වාර්තා වනවා. ඒ කකුල් හයක් ඇති සුනඛ පැටවෙකු උපත ලැබීමයි. පශු වෛද්‍යවරු පවසන්නේ මෙම පැටවාගේ මව් සුනඛයා හට නිවන් පැටවු ලැබීමට තිබි ඇති බවත් නමුත් කළලය නිර්මාණය වීමේදී එය වෙන් නොවීම නිසා මෙම සුනඛ පැටවා ආසාමන්‍ය ලෙස වර්ධනය වන්නට ඇති බවයි.

මෙම උපත ලැබු සුනඛ පැටවාට පිහිටා ඇත්තේ එක් හිසක් සහ පපුවක් වුවද, ඇයට ශ්‍රෝණි කලාප දෙකක්, ප්‍රජනන පද්ධති දෙකක් සහ වලිග දෙකක් ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මීට පෙර මෙවන් සුනඛ පැටවෙකු උපත ලබා ජීවත් වු බවට කිසිදු සාක්ෂියක් හමු වී නොවීමයි.

පසුගිය පෙබරාවරි 16 වැනිදා මෙම පැටවාගේ උපත සිදු වු මෙම පැටවා ස්කිපර් නමින් නම් කර තිබෙන අතර දින 10කට පසුව මෙම පැටවාගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණි. මෙම පැටවාගේ ජානමය තත්ත්වය වෙනස් වූවත් ක්‍රියාකාරීත්වය සහ ජීවි බවට කිසිදු ආකාරයක හානියක් නොමැති බවත් එම පැටවා නිරෝගීව සිටින බවත් පශු වෛද්‍යවරුන් පවසනවා.පිහිටා ඇති පාද 06 ම හොදින් ක්‍රියාකරන අතර ඒවා සියල්ල සංවේදනය කරන බවත් පශු වෛද්‍යවරුන් පවසන අතර එම නිසා වැඩි පාද කපා ඉවත් කිරීම පිළිබඳව අදහසක් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එසේම මේ පැටවා රැක බලාගන්නා ආකාරය පිළිබඳව මෙම පැටවාගේ හාන්පුතාට වෙනම පුහුණු කිරීමක් ද ලබා දීමට පශු වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.එසේම මෙම පැටවා සඳහා වෙනම අරමුදලක් ද මේ වන විටත් පිහිටුවා ඇති බවටයි වාර්තා වන්නේ.‍

පැටවාගේ විඩියෝ ව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?