විදේශික සංචාරකයන් ගිය මෝටර් රථයකට වන අලියෙකු පහරදෙයි (ඡායාරූප)

කුඩා බිළිඳෙකු සහ තවත් කුඩා දරුවෙකු ද ඇතුලුව විදේශික සංචාරකයන් 4 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයකට වන අලියෙකු පහරදී තිබෙනවා.

අද පෙරවරු 11ට පමණ පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරියට ආසන්න කැලෑබද ප්‍රදේශයකදී වන අලියා වාහනයට පහරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වාහනයේ ගමන් කර ඇත්තේ මාස 10ක බිළිඳෙක්, අවුරුදු 8ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 33 සහ 36 වයස්වල පසුවන අඹුසැමි යුවළක්.

ඔවුන් රුසියානු ජාතික සංචාරකයන් පිරිසක් බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් මෝටර් රථයෙන් හබරණ දෙසට ගමන් කරමින් සිටියදී වන අලියෙකු දැක වාහනය නතර කර ඉන් බැස අලියාගේ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී වන අලියා මෝටර් රථය අසලට පැමිණ එය ඉවතට තල්ලු කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

වන අලියා කළ පහරදීමෙන් මෝටර් රථයේ පිටුපස දොරේ වීදුරුවට සහ පැති කණ්නාඩියකට අලාභ හානි සිදුවී තිබෙනවා.

රථයේ ගමන් කළ කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම මෝටර් රථය විදේශික යුවළ විසින් මාතර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ එකක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෝටර් රථය සහ විදේශිකයන් ද පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34