හොදම තේ දළු නෙලන්නිය තේරිමේ තරගය රදැල්ල වතුයායේදී (ඡායාරූප)

කැළණිවැලි, තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල හොදම තේ දළු නෙලන්නිය තේරිමේ තරගයක් අද රදැල්ල වතුයායේ දී පැවැත් වුණා.

හේලිස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ සහ එම වතු සමාගම්වල ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ ගේ ප්‍රධානත්වයෙනුයි මෙම තරගාවලිය සංවිධාන කර තිබුණේ.

කැළණිවැලි, තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම්වලට අයත් වතු 42කින් හොදම තේ දළු නෙලන්නියන් තේරිමේ තරග පවත්වා එම වතුවලින් හොදම තේ දළු නෙලන්නිය වශයෙන් තේරිපත් වූ ජයග්‍රාහිකාවන් 42 දෙනෙකු අවසන් මහ තරගයට එක්ව සිටියා.

තරගකාරියන්ට තම දක්ෂතා පෙන්වීම සඳහා විනාඩි 20ක කාලයක් ලබා දෙමින් හොඳම තේ දළු නෙළන්නිය තේරීමේ අවසන් මහ තරගය පැවැත්වුණේ රදැල්ල වතුයායේ හොදින් තේ වැවුණු කොටසක යි.

එම කාලය තුල ලබාදුන් නිර්නායකවලට අනුකුලව හොඳම තේ දළු නෙලන්නියන් අතරින් අමු තේ දළු කිලෝ 10 ග්‍රෑම් 450 නෙළා ගනිමින් තලවකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්.සිදෙයිඅම්මා හිමි කරගත්තා.

ඇයට රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාගයක් හිමිවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

37 හැවිරිදි ආර්.සිදෙයිඅම්මා තිදරු මවක්. ඇය වසර 07 ක් තේ වතු ක්ෂේත්‍රයේ රැකියා කර තිබෙනවා.

තේ කර්මාන්තයේ නියැලී සිටින වතු කම්කරුවන් දිරි ගැන්විම සහ එම පිරිස තේ කර්මාන්තයේ රඳවා ගැනිමේ අරමුණින් මෙවැනි තරග වාර්ෂිකව පවත්වන බවයි එම වතු සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12