spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොදම තේ දළු නෙලන්නිය තේරිමේ තරගය රදැල්ල වතුයායේදී (ඡායාරූප)

කැළණිවැලි, තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල හොදම තේ දළු නෙලන්නිය තේරිමේ තරගයක් අද රදැල්ල වතුයායේ දී පැවැත් වුණා.

හේලිස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ සහ එම වතු සමාගම්වල ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ ගේ ප්‍රධානත්වයෙනුයි මෙම තරගාවලිය සංවිධාන කර තිබුණේ.

කැළණිවැලි, තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම්වලට අයත් වතු 42කින් හොදම තේ දළු නෙලන්නියන් තේරිමේ තරග පවත්වා එම වතුවලින් හොදම තේ දළු නෙලන්නිය වශයෙන් තේරිපත් වූ ජයග්‍රාහිකාවන් 42 දෙනෙකු අවසන් මහ තරගයට එක්ව සිටියා.

තරගකාරියන්ට තම දක්ෂතා පෙන්වීම සඳහා විනාඩි 20ක කාලයක් ලබා දෙමින් හොඳම තේ දළු නෙළන්නිය තේරීමේ අවසන් මහ තරගය පැවැත්වුණේ රදැල්ල වතුයායේ හොදින් තේ වැවුණු කොටසක යි.

එම කාලය තුල ලබාදුන් නිර්නායකවලට අනුකුලව හොඳම තේ දළු නෙලන්නියන් අතරින් අමු තේ දළු කිලෝ 10 ග්‍රෑම් 450 නෙළා ගනිමින් තලවකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්.සිදෙයිඅම්මා හිමි කරගත්තා.

ඇයට රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාගයක් හිමිවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

37 හැවිරිදි ආර්.සිදෙයිඅම්මා තිදරු මවක්. ඇය වසර 07 ක් තේ වතු ක්ෂේත්‍රයේ රැකියා කර තිබෙනවා.

තේ කර්මාන්තයේ නියැලී සිටින වතු කම්කරුවන් දිරි ගැන්විම සහ එම පිරිස තේ කර්මාන්තයේ රඳවා ගැනිමේ අරමුණින් මෙවැනි තරග වාර්ෂිකව පවත්වන බවයි එම වතු සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?