මීටර් 1.5ක විශ්කම්භයකින් යුත් විශාල ගෝලාකාර වස්තුවක් ජපන් වෙරළකට ගසාගෙනවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝහවලින් නිර්මාණය කර ඇති මෙම ගෝලාකාර වස්තුව ජපානයේ හමමට්සු නගරයට අයත් වෙරළට ගොඩගසා ඇති බවයි වාර්තා වන්නේ.
එත් සමඟ මහජනතාවට එම වෙරළ තීරයට යෑමට තහනම් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
මෙම අභිරහස් වස්තුව එක්ස් රේ පරීක්ෂණයකට ද ලක්කර ඇති අතර, ඒ තුළ කිසිවක් නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වස්තුව කුමක්දැයි තහවුරු කර ගැනීමට තවමත් හැකිව නොමැති අතර, ඒ අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

















IT MAY BE A BOYE TO ANCHOR SHIPS.
meka me dal walata dana boyawak neda? ape rate muhdu weralawal wala mewa ona tharam thiyenawa. mamath ekak aran awa ape ballata sellam karanna.