74 වැනි ජාතික මල්ලවපොර ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවලිය පසුගිය 18 සහ 19 යන දිනවල කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් පිට පිටම 6 වැනි වරටත් ශූරියන් බවට පත් වුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් දෙවැනි අනුශූරතාව ද හිමිකර ගනු ලැබුවා.

ජාතික මල්ලවපොර ශූරතා ඉතිහාසයේ එකම අපරාජිත සංචිතය ලෙසටයි ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් ඉතිහාසගතව සිටින්නේ.

ජාතික මල්ලවපොර ශූරතාවලියට මෙවර බර කාණ්ඩ කිහිපයක් යටතේ තරග වැදුණු අතර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළුව පිළිගත් ක්‍රීඩා සමාජ 20කට අයත් මල්ලවපොර ක්‍රීඩකයින් 300කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වුණා.

අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ද එම ස්ථානයේම පැවැත්වුණු අතර ඒ සදහා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ගුවන් හමුදා මල්ලවපොර සභාපති එයාර් කොමඩෝර් පීඊ ගුණවර්ධන, ගුවන් හමුදා මල්ලවපොර ලේකම් විංග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවකුඹුර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්මේලනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වි සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12