රුපියල් කෝටි 50ක දුම්වැටි රේගු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබූ රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සිට පිටකොටුවේ ආයතනයකට රෙදි තොගයක් ලෙස සඳහන් කර එවා තිබූ අඩි 20 බහාලුමක් පිළිබඳ ඇතිවූ සැකයක් මත කළ පරික්ෂාවක දීයි මෙම දුම්වැටි හමුවී ඇත්තේ.

එහි තිබී බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දුම්වැටි 2,999,400ක් සොයාගෙන තිබෙනවා.

මෙම බහාලුමේ රෙදි රෝල් 266ක් ගබඩාකර තිබෙන බව සඳහන්ව තිබුණ ද රෙදි රෝල් 38ක් පමණක් තිබී ඇති අතර මෙය හිමිකරුවන් විසින් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 40ක පමණ බදු ආදායමක් අහිමිවන බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ දුම්වැටි තොගය පිළිබඳව ශ්‍රී ලංකාවේ නැව් නියෝජිත ආයතනය හරහා ඩුබායිහි පිහිටි නියෝජිත ආයතනයෙන් කරුණු විමසා ඇති අතර නීතිවිරෝධී ආයතනය සහ පුද්ගලයන් පිළිබඳව ද රේගු ආදායම් අධීක්‍ෂණ අංශය වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම දුම්වැටි ගබඩා කර තිබූ බහාලුම ඔරුගොඩවත්තේ පිහිටි ආර්.සී.ටී. පර්යන්තයේදී අද (22) පස්වරුවේ විවෘත කළ අතර එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?කොලඹ නගරේ පුරා එයාගේ බිස්නස් තියෙනවා
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට වෙනම නීතියක්ද ?
00:29
Video thumbnail
"මුදල් දෙන්න කියලා දියණියට තර්ජනය කරනවා"..ඔන්ලයින් ලෝන් මාෆියාව නිසා ජනතාව දැඩි අසරණ වෙයි
12:06