හබරාදුව ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්

හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම අතර පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් දෙදෙනා අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් ඇතිවු ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබෙනවා.

මෙහිදී තුවාල ලැබු ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උප සභාපති බන්දුපාල අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව අද රැස්වු අතර තේ විවේකයේ දී පොදුජන පෙරමුණේ සභිකයා මෙවර පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයෙකුගේ අඩුපාඩු විවේචනය කිරීම හේතුවෙන් තිදෙනා අතර බහින් බස් වීමක් මතුවී තිබෙනවා.

පසුව පොදුජන පෙරමුණේ සභිකයා සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

එහිදී තුවාල ලැබු ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතා විසින් ඔහුගේ මෝටර් රථයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

මේ අතර මෙම සිදුවීමෙන් පසු පොදුජන පෙරමුණේ සභිකයා ද තමාට තුවාල සිදුව ඇති බව පවසා අහංගම ග්‍රාමීය රෝහලට ඇතුලත්ව ඇතැයි සඳහන්.

මෙම සිදුවීමෙන් පසු උප සභාපතිවරයා විසින් සභාව කල් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23