වෛද්‍යවරියකට අසභ්‍ය දේ එවූ සැකකරු සොයා පරීක්ෂණ

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මඟින් අධිකරනයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය ඊයේ මෙම නියෝගය නිකුත්කළා.

පැමිණිලිකාරිය ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කරන විවාහක වෛද්‍යවරියක් වන අතර.එම වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට නාදුනන පුද්ගලයෙකු විසින් අයුතු යෝජනා ඉදිරිපත් කරමින් ඇමතුම් ලබාදී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු විසින් නානකාමරයේ සිදු කරන අසභ්‍ය සිදුවීම් පවා වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට එවා ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

පැමිණිලිකාරිය ගේ සහ අගේ සැමියාගේ ජංගම දුරකථන බස්නාහිර පළාත උතුර තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර සිද්ධිය සනාථ කරන ඩී.වී.ඩී දෙකක් ලබාගෙන ඇති බව පැවසූ පොලීසිය සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් පැමිණිලිකාරිය පුද්ගලික ජීවිතයේ දී මහත් පීඩනයකට ලක්ව ඇති බව දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?