Empty Ad
AFC Banner
Empty Ad

රුසියානු දූත පිරිසක් නියෝජ්‍ය කථානායක හමුවෙයි

රුසියාවේ ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික සංවර්ධන සහ කර්මාන්ත අමාත්‍ය සිදොරින් සර්ජි, කමෙෂ්කෝවෝ දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක කර්ගන්ස්කි අරියාටෝලි යන මහත්වරු ප්‍රමුඛ දූත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.

දැනට මෙරට පැමිණෙන රුසියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට මෙන්ම මෙරට ආයෝජන අවස්ථා වැඩිකිරීම ඇතුළු ද්වීපාර්ශ්වික සබදතා වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස රුසියාව සිය සහය උපරිම වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බව ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අනතුරුව දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ නැරඹුම් සංචාරයක ද නිරත වුණා.

මෙරට රුසියානු තානාපති කාර්යාලයේ, සංස්කෘතික අංශයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>