රුසියානු දූත පිරිසක් නියෝජ්‍ය කථානායක හමුවෙයි

රුසියාවේ ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික සංවර්ධන සහ කර්මාන්ත අමාත්‍ය සිදොරින් සර්ජි, කමෙෂ්කෝවෝ දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක කර්ගන්ස්කි අරියාටෝලි යන මහත්වරු ප්‍රමුඛ දූත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.

දැනට මෙරට පැමිණෙන රුසියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට මෙන්ම මෙරට ආයෝජන අවස්ථා වැඩිකිරීම ඇතුළු ද්වීපාර්ශ්වික සබදතා වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස රුසියාව සිය සහය උපරිම වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බව ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අනතුරුව දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ නැරඹුම් සංචාරයක ද නිරත වුණා.

මෙරට රුසියානු තානාපති කාර්යාලයේ, සංස්කෘතික අංශයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51